කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා සමාජ ශාලාවේ නළඟනගේ බෙල්ලේ ද, අත්පාවලද කැපුම් තුවාල පහක් ඇතැයි රෝහල් ආරංචි කියයි.
ඇය පැවැසූයේ අරාබි ජාතිකයකු සමග වැල්ලම්පිටියේ නිවසක දින කිහිපයක් සිටි බවයි.
ගෙදර ඇතිවූ ආරවුලකින් පසුව ඇය ගෙදර ඉදිරිපිට මහපාරට පැමිණ ඇත්තේ ජීවිතය බේරා ගැනීමට බවත්, ඒ වන විට ඇගේ ඇඟ ලෙයින් තෙත්ව තිබූ බවත් ඇය පොලීසියට කියා ඇත.
ඇය බැලීමට අරාබි ජාතිකයා ද රෝහලට ගොස් ඇතැයි ද ඇය කියන්නීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි පැවසුවේ රෝහලේ සිටින ඇයගේ වෛද්‍ය වාර්තා බලා පොරොත්තුවෙන් පොලීසිය සිටින බවයි.
ඇය නම සඳහන් කර ඇති පුද්ගලයාගේ ලිපිනය ඇගෙන් නොලැබුණු බව ද ඔහු කියයි.
සබැඳි පුවත්
අරාබියකු නයි නළඟනගේ බෙල්ල කපන්න හදලා

