නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ නොසිටි නිසා වරෙන්තු පිට සිටි නයි නළගට ඊට ටික වේලාවකට පසු අධිකරණයට ඉදිරිපත් වී වරෙන්තු නැවත කැඳවන ලෙස ඉල්ලා සිටියාය.
ඒ අනුව නැවත වරෙන්තුව යළි කැඳැවිණි. මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇගේ චෝදනා පත්‍රයට අත්සන් තැබීය. ඇගේ නීතීඥයන් ඉල්ලා තිබුණේ එම චෝදනා පත්‍රයට අත්සන් නොතබා ඇය මුදා හරින ලෙසයි. සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මෙම අවස්ථාවේ එසේ කළ නොහැකි බවයි.
ඉන් පසු සත්ව හිංසනය යටතේ පොලිසිය විසින් ඇයට එරෙහිව ගොනු කර තිබූ චෝදනා අධිකරණයේ කියැවූ අතර එම චෝදනාවලට තමා නිවැරදි යැයි නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (නයි නළඟන) කියා සිටියාය.
ඒ අනුව නොවැම්බර 07 වැනිදා නඩුව විභාග කිරීමට තීරණය කළ මහේස්ත්‍රාත් එදින උසාවියේ පෙනී සිටින ලෙස සාක්කිකරුවනට නියම කළේය.