බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාස අසල මහ පාරේ දී බ්‍රහස්පතින්දා (02) ෆෝඩ් ෂෙල්බි ටී ඩී 500 සුඛෝපභෝගී කාරයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රීරෝද රියදුරුගේ පාදයක් කැඩීමේ සිද්ධිය මැයි 22 වැනි දා අධිකරණයට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
නොම්මර තහඩු නැතිව රිය ධාවනය කිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට අපොහස්ත්වීම යන චෝදනා මත ඔහුට නඩු පවරනු ඇතැයි ද රෝහණ මහතා පවසයි.
ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන මෙම කාරය අනතුරට පත් වී පැයක් යන්නටත් මත්තෙන් පොලිසිය හා යුද හුමදා විශේෂ බලකායේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් පැමිණ වාහනය රැගෙන ගියේය.
පොලිසිය පැවසුවේ කෝටිපති ව්‍යාපාරිකයකු එය ධාවනය කර ඇති බවයි. එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.
නොම්මර තහඩු නැති වාහනයේ හිමිකරු කවුදැයි බොරැල්ල පොලිසියෙන් අනාවරණය කරගන්නට ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
සබැඳි පුවත්

