නයා බැරලයට දැමු මිනිහා රිමාන්ඩ්


නාගයකු ලවා මනුෂ්‍ය ඝාතනයක්  සිදු කිරීමට තැත් කළැයි  සෙවණගල  මකුළුවගම සිසිල් චමින්ද (35) ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි  ඇඹ්ලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් මහතා නියෝග කළේය.

පසුගිය 09 වැනිදා  සිය උක්වගාවට ගොස් එමින් සිටි සෙවණගල වැවි ගම් යායේ  ධම්මික නිශාන්ත අත් පා ගැට ගසා බැරලයක දමා එම බරලයට නාගයකු ද දමා  ඔහු ඝාතනය කිරිමට සැළසුම් කළැයි සෙවණගල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරු  ඊයේ (13) පොලීසියට භාර විය.

පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු යුද හමුදාවෙන් පැන ආ අයකු බවයි. වෙඩි තබා තවත් මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයකු බවත්පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.