ශ්‍රී ලංකාවේ රියදුරු බලපත ජාත්‍යන්තර රියදුරු බලපතක් බවට නුදුරු කාලයේදී පත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
‘එසේ වන්නේ වියානා ජාත්‍යන්තර සම්මුතියට අනුව මාර්ග සංඥා මාර්ග නීති ආදිය ඇතුළත් ගැසට් පත්‍රය ළඟදීම එළි දැක්වීමත් සමගය. එවිට අපේ ගමන් බලපත ඉබේම ජාත්‍යන්තර ගමන් බලපතක් බවට පත්වනු ඇත.‘
ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ එකඟතාවයකට අනුව මෙය සිදුවෙයි.

