මිනිසුන් සපා කමින් අහුංගල්ල පැත්තේ මහා කළබලයක් කළ රිලවා පුනරුත්ථාපනය සඳහා බත්තරමුල්ලේ වන ජීවී කාර්යාලයට ගෙනවුත් සිටියදී ඉරිදා සන්ධ්‍යාවේ පැන ගොස් ඇතැයි අසල් වැසියෝ කියති.
බීමතින් සිටි බව කියන පුද්ගලයකු රිලවාට කෙසෙල් ගෙඩි දීමට කූඩුවේ දොර අරිද්දී පැන ගිය රිලවා නැවත කූඩු කර ගැනීමට අද ලොකු මෙහෙයුමක් ඇරැඹීය.