නන්දලාල් ලොව සුපිරීන් අතරට යයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ.

ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ 2023 ප්‍රගති වාර්තාවට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට A- ශ්‍රේණිගත කිරීම ලැබී ඇත.

ප්‍රගති වාර්තාව මගින් ලෝකයේ රටවල්වල සිටින මහ බැංකු අධිපතිවරුන්ට A ශ්‍රේණියේ සිට F ශ්‍රේණිය දක්වා ශ්‍රේණිගත කිරීම් ලබා දී තිබේ.

ලබාදුන් ඉහලම ශ්‍රේණිගත කිරීම වූ A ශ්‍රේණිය A+,A,A- ලෙස කාණ්ඩ තුනකට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වෙන්කර තිබිණ.

ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාවේ ප්‍රගති වාර්තාව මගින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සහ තවත් මහ බැංකු අධිපතිවරුන් නව දෙනෙකුට A- ශ්‍රේණිගත කිරීම ලබාදී තිබේ.

මෙම ප්‍රගති වාර්තා වේ ඉහළම ස්ථාන තුන ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රී ශක්ති කාන්ත දාස්, ස්විස්ටර්ලන්තයේ මහබැංකු අධිපති තෝමස් ජේ ජෝර්ඩන් සහ වියට්නාමයේ මහ බැංකු අධිපති ති හොංග් ලබා ඇත.