නන්දන ගුණතිලක අනාරක්ෂිතයි


රජයෙන් තමාට දී තිබූ ආරක්ෂාව අතරමගදී ඉවත් කළ බව පානදුර හිටපු නගර සභාපති නන්දන ගුණතිලක මහතා කියයි.

තමාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඊයේ (15) සවස ඉවත් කර ඇතැයිද තමා බදුල්ලේ සිට නුවරඑළියට යන අතරමගදී ආරක්ෂක නිලධාරීන්ට ඉවත්වන්නැයි දැනුම්දීමක් සිදුකර ඇතැයිද ඒ මහතා පැවසීය.

කුමන හෝ හේතුවක් මත මෙසේ ආරක්ෂාව ඉවත් කිරීම තම ජීවිතය අනතුරේ හෙළීමක් බවත් මෙසේ එක්වරම ආරක්ෂාව ඉවත්කිරීම හේතුවෙන් ජනතා නියෝජිතයකු ලෙස තමාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් ඒ මහතා කියා සිටී.

තෝරාගත් තානාපති කාර්යාල, ප්‍රධාන සංවිධාන හා දේශපාලන පක්ෂවලට තමාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ලිඛිතව දැනුම්දුන් බවත් තමාගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් නන්දන ගුණතිලක මහතා කීවේය.