සුගතදාස පිටියේදී දැන් පැවැත්වෙන යුද හමුදා ස්වේච්ඡුා බල සේනා මලල කී‍්‍රඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර 60.64) පිහිටු වීමට නදීකා ලක්මාලි සමත් වූවාය.
යුද හමුදා කාන්තා බලකායේ සාජන් මේජර්වරියක් වන ඇය මීට දින 10කට පෙරත් ඉන්දියාවේ ‘පුනේ’ නගරයේදී හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූයේ එහි පැවති 20 වැනි ආසියානු ශූරතා මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමෙනි.
මෙම දස්කමත් සමග ඇය ලබන අගෝස්තු 10 වැනිදා රුසියාවේ ‘මොස්කව්’ නගරයේදී ආරම්භ වන ලෝක මලල කී‍්‍රඩා හූරතාවලියටද සුදුසුකම් ලබා ගත්තේය.
මෙම ඉසව්වේ ලෝක ශුරතා මට්ටම වන්නේ ‘බී’ හේ‍්‍රණියෙන් ඕවර 60.00කි. ‘එ’ හේ‍්‍රණියෙන් මීටර 62.00කි. මේ වන විට මොස්කව් ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් ගණන දෙකකි.
අනෙත් ශ්‍රී ලංකා කී‍්‍රඩිකාව වන්නේ මීටර 400 කඩුලූ පැනීමේ ශූරිය වන දැනට ඇමරිකාවේ පදිංචි කි‍්‍රෂ්ටීන් සොනාලි මෙරිල්ය. ශ්‍රී ලංකා සහය දිවීමේ පිරිමි කණ්ඩායමද (මීටර 4ඞ400* මේ වන විට මොස්කව් ලෝක තරගාවලියට ‘බී’ ශ්‍රේනියෙන් සුදුසුකම් ලබා සිටියි.
නදීකා ලක්මාලි වසර 2008 ‘බීජින්’හීදී පැවති ඔලිම්පික් උළෙලටද සුදුසුකම් ලබා ගත්තේ යුද හමුදා ස්වේච්ඡුා සේවා තරගාවලියේදී වීම කැලී පෙනේ. ඇය ආසියානු ශූරතා සාක් කී‍්‍රඩා ඇතුළු අන්තර් ජාතික තරග කිහිපයකදී පදක්කම් දිනා ගත් ප‍්‍රවීන කී‍්‍රඩිකාවකි.