(ඉන්දිකා රාමනායක)
නතාෂා එදිරිසුරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් කළ ප්‍රහසන වැඩසටහන යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල ලබා දුන් බව කියන සමාජ ක්‍රියාකාරිකයකු වු බෲනෝ දිවාකර අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාල පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කරමින් එයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෲනෝ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
එම විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා බෲනෝ දිවාකර අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබු අතර පැය 8 ක ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකරගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔහු හෙට (1) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

