නත්තලේ සතුට බෙදන්න ලක්ෂ 40 ක්


නත්තල් සතුට අහිමි කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කළ අමුතුම ආකාරයේ අරමුදල් එක්රැස්කිරීමක් පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැත්විණි.

රතු පැහැති නාන ඇදුම් වලින් සැරසුණු 70 ක පමණ කණ්ඩායමක් අධික සීතලද නොතකා නගරයේ විදි වල දිවයනු දැකගත හැකි විය.

‘‘සිසිල් අභියෝගය‘‘ යැයි නම් කෙරී ඇති මෙම අරමුදල් එක්රැස් කිරීමේ වැඩසටහන වසරක් පාසා පැවැත්වෙන්නකි.මෙවර එය පැවැත්වුනේ 8 වැනි වරටය.

එක්රැස් වන මුදල් සියල්ල කුඩා ළමයිගේ සුභසාධන කටයුතු සදහා යෙදවේ.

මෙවර ඩොලර් 32000 (රුපියල් 3921610) කට ආසන්න ආධාර මුදලක් එක් කර ගැනීමට හැකිව ඇති බව සදහන්ය.