ලබන සතියේ එළැඹෙන නත්තලට අලුත් ඇදුම් ආයිත්තම් සොයා පැමිණි අයගෙන් පිට කොටුව මහ වීදිය අද (17) පිරී ඉතිරී ගියේය.
නත්තල් සැරසිලි, පාවහන් , ඇදුම් පැළදුම්, විදුලි බුබුලු ආදිය මිලදී ගැනීමට බාල තරුණ මහලු විශාල පිරිසක් එහි වූහ.
පාවහන් , ඇදුම් පැළදුම් ආදිය වැඩියෙන් විකිණෙන අතර සේල් සේල් යනුවෙන් සැම තැන බෝඩ් එල්ලා ඇත.
රුපියල් සීයේ සිට දහස පමණ දක්වා විවිධ ගණන් වලට ඇඳුම් අලෙවි වේ.
නත්තල් සැරසිලි වල මිල ඉහල ගිහින් ඇති බව වැඩි දෙනාගේ මතයයි.