නඩුවට පෙර ගස් වැටේ


මාළඹේ කඩුවෙල මාර්ගයේ පිට්ටුගල මාර ගසක්, පොල් ගසක් ඇතුළු ගස් තුනක් ඊයේ (10) පාරට කඩා වැටී විශ්‍රාමිකයකු මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලිසිය කියයි.

මියගියේ මාළඹේ කහන්තොට ජගත් වික්‍රම පෙරේරා (54) මහතා බවත් තද සුළඟක් සමග ගස් කඩා වැටුණු බවත් ප්‍රදේශවාසීහු කියති. ගස් ඇද වැටීමෙන් පාරේ ගිය ත්‍රී රෝද දෙකකට පාපැදි දෙකකට හා කුඩා ලොරියකට හානි සිදුවිය.

මෙම ගස් කඩා වැටීමෙන් කඩුවෙල - මාළඹේ නව නුවර මාර්ගයේ වාහන ගමනාගමනය දෙපැයකට පමණ අඩාල විය. මෙම ගස් අනතුරුදායක බව අසල්වැසියන් කඩුවෙල මහ නගර සභාවටත් ග්‍රාම සේවකටත් පැමිණිලි කර තිබුණද අධිකරණයේ විභාගවූ නඩුවක් නිසා අධිකරණ තීන්දුවක් එනතුරු ගස් ඉවත් කිරීමට නොහැකිවූ බව කඩුවෙල නගර සභාව කියයි.

IMG_0002 IMG_0003 IMG_0004 IMG_000211