අලවතුගොඩ නගරයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයක් සම්බන්ධයෙන් වාරණ නියෝගයක් ඉල්ලීමේ නඩුවක් විභාග වෙද්දී එය රහසින් පටිගත කළ පුද්ගලයකුට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සේසිරි හේරත් මහතා රුපියල් 1500 ක දඩ නියම කළේය.
දඩ නියම වුයේ මොහොමඩ් මුන්සීර්ටය.ඔහු කිහිල්ල යට කැමරාව සඟවාගෙන වීඩීයෝ කරන අයුරු උසාවි ආරච්චි පොලීසියට දැන්වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අලවතුගොඩ රැස්වීම නොපවත්වන ලෙස මහේස්ත්‍රාත් වරණ නියෝගයක් ද නිකුත් කළේය.

