මාතලේ රථවාහන පොලිසිය දිස්ත්‍රික්කය පුරා රථවාහන නඩු ලබා ගැනීම සිදු කරයි .
2016 02 14 දින ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී බාධක මැද ඉස්සරකිරීමේ වරදට හසු වූ මහර තිබ්බටුව , ප්‍රදේශයේ රියදුරකුට රියදුරු බලපත්තරය වෙනුවට පොලිසිය තාවකාලික අවසර පත්තරයක් නිකුත් කර ඇත .
එම අවසර පත්‍රය 2016.02 .14 සිට 2016.02.30 දක්වා වලංගු බව එහි සදහන්කර ඇත .එමෙන්ම 2016.02.30 දින දඹුල්ල අධිකරණයට පැමිණෙන ලෙසද දන්වා ඇත .
මේ ගැන විමසීමේ දී පොලිසිය කීවේ දින ගණන් බැලීමේදී වැරදීමක් සිදුවී ඇති බවයි. රියදුරු පැමිණ දඩය ගෙවූ බව ද පොලිසිය පවසයි.
(ෆේස්බුක් ඡායාරූපයකි)


