නඩු කටයුතු අවසන්වීමට පෙර අදාළ නඩු භාණ්ඩ බැහැර කිරීමේ විධි විධාන සලසමින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 431 සහ 432 යන වගන්ති සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.
අධිකරණයන් තුළ නඩු භාණ්ඩ විශාල වශයෙන් එක්රැස්වීම වර්තමානයේ දී බරපතල ගැටලූවක් වී ඇති බැවින් නඩු කටයුතු අවසන් වීමට පෙර අදාළ නඩු භාණ්ඩ බැහැරකිරීමේ විධිවිධාන සැලසීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

