නඩුකාරයෙක් පගා අරන්


හංවැල්ල නඩුවක පැමිණිලිකරුගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ කොළඹදී අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පැමිණිලිකරුගේ හෝටලයේදී ඔහු සහ ඔහුගේ ආරක්ෂාවට ආ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගත් බව ද අල්ලස් නිලධරයෝ කියති. හෝටල හිමියා සහ යාබද පන්සලේ හිමිනමක් අතර ආරවුලක් නඩුවට වස්තු විෂය වී ඇත.