මෙරට නඩු විභාග වල ප‍්‍රමාදයන් අවම කිරීමට සිවිල් නඩු විධි විධාන සංග‍්‍රහය හා අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ සභාපතිත්වයෙන් කමිටු දෙකක් පත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.
පවතින නඩු ප‍්‍රමාදය ජනතාවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක් බවට පත්ව ඇති නිසා එසේ නොවීමට ගත හැකි හැම පියවරක්ම ගැනීමට රජය කටයුතු කරන බවද අධිකරණ ඇමැති කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් වන ප‍්‍රියසාද් ඩෙප් මහතා සිවිල් නඩු විධි විධාන සංග‍්‍රහය සභාපති ලෙස ද බුවනෙක අළුවිහාරේ මහතා අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීම කමිටුවේ සභාපතිත්වය ලෙස ද පත් කර ඇත.