නඩු තුනම ඉල්ලා අස්කරගනී


වසර තුනක වත්කම් හෙළි නොකළැයි හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පනවා තිබූනඩු 3ක පැමිණිලි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉල්ලා අස්කර ගත්තේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇය නඩු තුනෙන්ම නිදොස් කොට නිදහස් කළේය.

ඇයට පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කැරිණි.