නඩු ගොඩ ඉවර කරන්න විනිසුරු මණ්ඩල තුනක්


ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් අවසන් කිරීම හා නඩු ප‍්‍රමාදයන් වැළැක්වීම සඳහා නව විනිසුරු මණ්ඩල තුනක් ලබන ජනවාරියේ සිට පත් කරන බව අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සතියකට දින හතරක් රැස් වන බව කී අගවිනිසුරු ඊට අමතරව මෙම විනිසුරු මඩුලු තුන පත්කරන බව සඳහන් කළේය.මේ ක්‍රමය දැන් අත්හදා බැලෙමින් තිබෙන බව ද අගවිනිසුරු කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට පහළ මට්ටමේ අධිකරණ සහ අභියාචනාධිකරණයද ඉදිරියේ දී මෙම ක්‍රමය අනුගමනය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද අගවිනිසුරුවරයා පැවසීය.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා මේ බව පැවසුවේ කොළඹ ගාලූ මුවදොර හෝටලයේ දී අද (18) පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුවේ ආරම්භක සැසිය අමතමිනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ආරම්භක සැසිය පැවැත්විණි.