නඩු කටයුත්තක් තිබියදී යෝජනා විවාදයට ගෙන සම්මත කිරීම වරදක්


ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු 
 
 
අග්‍රාමාත්‍යවරයාගේ සහ ඇමැතිවරුන්ගේ වියදම් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ගොනුකර ඇති නඩුවක් මේ වන විටත් විභාග වෙමින් පවතින නිසා පාර්ලිමේන්තුව තුළ ඊට අදාළ යෝජනාවක් විවාදයට ගෙන සම්මත කිරීම වරදක් බව සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
 
අධිකරණ තීන්දුවකට භාජනය වෙමින් ඇති කරුණක් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ බලයක් නොමැති බවට සෑම කතානායකවරයකු විසින්ම ප්‍රකාශ කර තිබූ තීන්දුවක් වත්මන් කතානායකවරයා උල්ලංඝණය කර තිබෙන බවද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
 
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තුවට මුදල් පනතක් හෝ යෝජනාවක් ගෙන ආ හැක්කේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව අමාත්‍යවරයකු විසින් පමණක් බවද සභානායකවරයා සඳහන් කළේය.
 
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.