වත්කම් හෙළි නොකළැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කැරුණු නඩු 5 ක් මාර්තු 21 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා නියෝග කළේය.
එම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු නොපැමිණීම නිසා මහේස්ත්‍රාත් එම නියෝගය කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම නඩු පවරා තිබේ.

