නගර සභාපති හිමියන් උසාවි කැඳවයි


මුදල් රෙගුලාසි වලට පටහැනිව චෙක්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළැයි ඇඹිලිපිටිය නාගරික ලේකම්වරියට බැන වැදීයැයි කියන ඇඹිලිපිටිය නගර සභාපති වේවැල්දූවේ ඥානප්‍රභ හිමියනට ලබන 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඇඹිලිපිටි මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නොතීසි නිකුත් කෙළ්ය.

එම පැමිණිල්ල ගැන කරුණු විභාග කිරීමට සභාපති හිමියන් පොලිසියට නොපැමිණි බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.