ධීවරයෝ යළි රස්සාවට


දින නවයකට පසු බලපිටි ධීවරයෝ යළිත් මූදු රස්සාව ඇරැඹූහ.

මූද රළු වීමත් සැඩ සුළං පැවතීමත් නිසා මුහුදු ගමන් නතර විය. මෙය මුහුද යළි සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව කාලගුණ නිලධරයෝ කියයි.

ධීවරයන් පනස් ගණනක් මිය ගොස් විස්සකට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි ධීවර අමාත්‍යංශය කියයි.

ජීවිතාරක්ෂක ජැකට් නොපැළඳීම එම මරණ වලට බොහෝ දුරට හේතු වූ බව ධීවර සමිති කියයි.