ධීවරයෝ පහක් මරුට.... 17 ක් නෑ


ධීවරයන් පස්දෙනකු මිය‍ගොස් 17 දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ධීවර යාත්‍රා 20 ට අධික ප්‍රමාණයක් අනතුරට පත්වූ බවට තොරතුරු ලැබී ඇති බව පවසන එම මධ්‍යස්ථානය කියා සිටින්නේ ඒවායේ සිටි ධීවරයන් 20 දෙනකු බේරාගත් බවයි. සැඩ සුළඟින් නිවාස 24 ක් විනාශ වී තවත් නිවාස 396 කට අර්ධ හානි සිදුව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.