
(රෝහණ චන්ද්‍රදාස සහ උපුල් හේරත්)
මිහින්තලේ සීප්පුකුලම තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයන් තිදෙනකු අකුණු සැර වැදී මියගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි.
තම්මැන්නාව වැවේ බැම්මේ සිට මාළුන් අල්ලමින් සිටියදි අද (11) සවස වර්ෂාවත් සමග ඇති වූ අකුණු සැරට මෙම තිදෙනා බිලි වි ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මහින්ද කුමාර (42) ධර්මසිරි රණතුංග (44) සරත් චන්ද්‍ර (46) නමැති තිදෙනෙකි.
ඔවුන් කහටගස්දිගිලිය, ගඟුරෑව හා ඇල්ලේවැව ගම්මානයේ තිදෙනකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම තිදෙනාගේ සිරු තම්මානාව රෝහලේ තැන්පත් කර ඇත.
මිහින්තලේ, සීප්පුකුලම,කැකිරාව, ගලෙන්බඳුවැව සහ කහටගස්දිගිලිය ප්‍රදේශවලට මාස දෙකක පසුව අකුණු සැර සහිතව තද වර්ෂාවක් අද (11) සවස ඇතිවූ සමග අකුණ සැර ද ඇති විය.

