ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට 2017 වර්ෂය සඳහා රජය රුපියල් කෝටි 18ක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (1) පැවසීය.
ලබන වසර සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කරුණු කීවේය.
යුරෝපා සංගමය විසින් මෙරටට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම පැනවීම සඳහා බලපාන ලද කරුණු තුනක් වූ බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස ධීවරයන්ට ටැබ් පරිගණක දීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි කීය.
නීති විරෝධී, නියාමනය නොකරන සහ වාර්තාගත නොකෙරෙණු ධීවර කටයුතු පිටුදැකීමේ අරමුණින් යුරෝපා සංගමය පනවන ලද නීති රීති පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක නොකිරීම නිසා යුරෝපා සංගමය අප රටට එරෙහිව මත්ස්‍ය තහනමක් පැනවූ බව ද ඔහු කීවේය.