ශී‍්‍රලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නිසා ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන ඉන්දීයා ධීවරයින් ඉක්මනින් මුදා ගැනීමට හැකි නව වැඩපිළිවෙළක් ඇති කරන බව ඉන්දියාවේ ස්වදේශ අමාත්‍යංශය පවසයි.
‘‘ද හින්දු‘‘ වෙබ් අඩිවියේ දැක්වෙන පරිදි ශී‍්‍රලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන ඉන්දිය මසුන් මරන්නන් ඉතා දිගු කාලයක් මුළුල්ලේ අත්අඩංගුවේ පසුවීම සැළැකිල්ලට ගෙන ඇති ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය දෙරටටම වැඩදායක වන සේ මෙවන් වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ඉන්දියාව හා පාකිස්තානය අතර මෙවන් වැඩපිළිවෙලක් දැනට කි‍්‍රයාත්මකය.එයට අනුව ඉන්දීය වෙරළ සීමාවට අනවසරයෙන් ඇතුළු වන පාකිස්තාන මසුන් මරන්නන්ව ඉන්දීය ආරක්ෂක භටයින් අත්අඩංගුවට ගෙන පාකිස්තාන ආරක්ෂකඅංශ වලට වහාම භාර දේ.එලෙසම පකිස්තාන ආරක්ෂක අංශද පාකිස්තානයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වන ඉන්දීය මසුන් මරන්නන් අත්අඩංගුවට ගෙන ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාර කරයි.
වැඩපිළිවෙළට අනුව දෙරටේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගන්නා මසුන් මරන්නන් රදවා තබා ගැනීමක් සිදුනොකරන අතර අත්අඩංගුවට ගත්තවුන් වහාම දෙරට අතර හුවමාරු කර ගැනේ.
ඉන්දියාවේ වෑයම මෙවන් වැඩසටහනක් ශී‍්‍රලංකාවද සමග කි‍්‍රයාවට නැංවීමයි.

