(ඩයනා උදයංගනී)
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින බවත්, එය අද (20) දිනය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තමිල්නාඩු සුදුචෙරි වෙරළ වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් කරයි.
උතුරු, නැගෙනහිර හා උතුරුමැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව එම නිවේදනයේ සඳහන් වේ.

