හික්කඩුව පැරෑලිය ධීවර වරාය ස්වාභාවිකව පිහිටා ඇත. ලන්දේසි කාලයේ සිට නැව් පවා මෙම ධීවර තොටුපළට පැමිණ ඇත.1974 දක්වා ඉන්දියා නැව් සහබත්තැල් මෙම වරායට ගොඩ බස්සවා ඇත. ඉන්දියාවෙන් උළු කැට, ජාඩ්, රෙදි පිළි, වෙළදාම් පවා මෙම වරායේ සිදු කර ඇත.පසුව මෙම වරාය ධීවර කටයුතු සදහා භාවිතා විය.
මෙම ධීවර වරාය මුහුදු ඛාදනයට ලක්ව ගොඩවීම නිසා ධීවර යත්‍රා නැංගුරමි දැමිමට නොහැකිය. මුහුදු කෑම වැලැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගල් වැටි යෙදීම නිසා ධීවර යාත්‍රා නවතා තැබීමට නොහැකිය.
මේ ගැටළුව රජයට ධීවරයන් ඉදිරිපත් කළද තවමත් විසදුම් ලැබී නොමැත.
හික්කඩුව පැරෑලිය ප්‍රදේශයේ ධීවර ගම්මාන 11 ක් ඇත. බහු දින යාත්‍රා 160 කට අධික ප්‍රමාණයක් ඇත. කුඩා බෝට්ටු 150 ක් පමණ ඇත. ධීවර රැකියාවේ නියුතු පවුල් 3500 කට වැඩි ප්‍රමාණයක් ඇත. දැනට මෙම යත්‍රා ගාල්ල, දෙවුන්දර ධීවර වරායන් වල නැංගුරම් ලා ඇත.
මෙම ධීවර වරාය ඉදි කිරීමට කැමැත්ත පලකරමින් බංගලිදේශ ජාතික මහමුද් චෟද්රි මහතා (20) පැමිණ මෙම ධීවර වරාය පරීක්ෂා කර බැලීය.