
(අංජුල මහික වීරරත්න)
මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්ල්කරණය ඉලක්ක කරගත් "ජාතික ධීවර යාත්‍රා සංගණනය - 2025 අද ඇරැඹිණි.
ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පානදුර ධීවර වරායේදී අද(4) පැවති උත්සවයකදීය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන එක්ව සංවිධානය කරන මෙම දීපව්‍යාප්ත සංගණනය අගෝස්තු 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
මෙහි සමාරම්භය සනිටුහන් කරමින් ධීවර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ධීවර යාත්‍රාවල සංගණන ස්ටිකර් ඇලවීම සහ ටැබ් පරිගණක මගින් දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කළහ.

