ධාන්‍යවලින් පොදුරද මඩුලු කොඩි හැදෙයි


පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 53 ජාතික කොඩි ශ්‍රී ලංකාවේ ධාන්‍යවර්ග වලින් නිපදවා ගාල්ලේ ප්‍රදර්ශනය කිරීමට යයි.

මුං, කවුපි, පරිප්පු, අබ ඇතුළු වර්ග මේ සඳහා යොදා ගනී.

මතුගම දී මේ කොඩි සැකසෙනුයේ ගාමිණී ජයලත් නිර්මාණ ශිල්පියා අතිනි.

පැරණි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරට එක් වේ.

1949 අප්‍රේල් 28 වැනි දා ලන්ඩන් ප්‍රකාශනයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය පිහිටවිණි.

නොවැම්බර මැදදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නාකය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සත්කාරක සමුළුවේ ප්‍රධානියාය.