ධර්මාශෝක විහාරයේ ශාන්තිකර්මයක්


2013 වර්ෂයේ  සිංහල අවුරුදු  දා රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයේ  පැවති අවුරුදු    උළෙලට , ළමා  ක්‍රීඩා  සහා ගරායක් ද ඇතුළු විය.  

ඉතාලියේ   සීත දේශගුණය  අවසන් කරමින්  බක්මස හිරු උදාවනුයේ සැම  සිත් සතන්හි   නැවුම් පැහැබර සිතුවිලි ජනිත කරවමිනි.  

2013 වූ අප්‍රේල් 14 වැනි ඉරුදින ඉතාලියේ රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයට    අප ශ්‍රී ලංකික ජනතාව එකතු වූයේ  ඒ සමගිය,සමාදානය,නැවුම් බව මෙන්ම උතුම් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමටයි. 

රෝමයේ ප්‍රභාස්වර නර්ථනායතනය ගරා යකුන් නැටුම ඉදිරිපත් කළේය. රෝම ධර්මාශෝක විහාරාධිපති  දඹදෙනියේ ධම්මරාම හිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාව මෙම උත්සවය සංවිධානය කළේය.