ධර්මාශෝක විදුහලට කඩුලූ 5 ක ජයක්
යොහාන් රශ්මිකගේ දක්‍ෂ පන්දු යැවීමත් (23/4) අදීෂ නිලංචනගේ වේගවත් (56) පිති හරඹයත් නිසා අම්බලන්ගොඩ මහජන ක‍්‍රීඩාංගණයේ ඊයේ (13 වැනිදා) පැවැති ධර්මාශෝක දේවානන්ද 20 වැනි සීමිත ඕවර් ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5 පහසු ජයක් ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය. පසුගිය සති අන්තයේ දී පැවැති 46 වැනි සුනිල සංග‍්‍රාම දෙදින කි‍්‍රකට් තරගයේ ජය හිමි වූයේ ද ධර්මාශෝක විදුහලටය.
දේවානන්ද විද්‍යාලය ඕවර් 39ක දී සියලූ දෙනාම දැවී 172. (ඉෂාර මෙන්ඩිස් 32, රිසික තීක්‍ෂණ 28, ඉමේෂ් උදයංග 26, ගිහාන් මධුසංඛ 23; යොහාන් රශ්මිත 23/4, නිමේෂ් ද සොයිසා 32/2).
ධර්මාශෝක විදුහල ඕවර 25ක දී කඩුලූ 5 ට 176. (අදීශ නිලංචන 58, හැළඹගේ නනුර 38, යොහාන් ද සිල්වා 33, බුද්ධි තාරක 22; සිතාර මධුසංඛ 36/2).

