ධර්මශ්‍රී ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට


මාධ්‍යවේදී ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබ සිටියි. එම්.ටී.වී. ආයතනයේ ප්‍රවෘත්ති වාර්තාකරුවකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු නිෂ්පාදකවරයකු හා ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ජනප්‍රිය වූයේය. සිරස ටී.වී, නිවුස් ෆස්ට් නාලිකාවල සේවය කළ ධර්මශ්‍රී නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස හා සිරස ටී.වී. වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.

දෙස් විදෙස් මාධ්‍ය ආවරණ රැසකට සහභාගී වූ ඔහු මාධ්‍ය සම්බන්ධයෙන් විදෙස් පුහුණුව ද ලැබූ අයෙකි. ඒකනායක මහතා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.