අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතියේ මහනුවර ධර්මරාජ විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර පිටියේදී අද (19) පැවැති තරගයෙන් ලකුණු 48-26 ක පහසු ජයක් ලැබූ ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් වූහ.
මෙම ජයග‍්‍රහණයත් සමග ධර්මරාජ විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.