ධර්මරාජය 33-24 කින් කිංග්ස්වුඞ් පරදවයි


වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහල විසින් කිංග්ස්වුඞ් විදුහල පරදවා ලකුණු 33-24 ක පහසු ජයක් ලැබූහ. මෙම තරගය අද (26) මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ධර්මරාජ විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-12 ක් ලෙස පෙරමුණේ පසුවිය.