අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ධර්මරාජ විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයේදී ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 24-17 ක ජයක් ලබමින් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් වූහ.
ධර්මරාජ විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-12 ක් ලෙස පෙරමුණේ පසු විය.