අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු කොටසේ තරගයක් වූ ශාන්ත ජෝෂප් විදුහල සහ ධර්මරාජ විදුහල අතර අද (1 වැනිදා) කොළඹ සී. ආර්. පිටියේදි පැවැති රග්බි තරගයේදී 22-20 ක තියුණු ජයක් අත්කරගත් මහනුවර ධර්මරාජ කී‍්‍රඩකයෝ සිය අපරාජිත වාර්තාව රැකගත්හ.
ධර්මරාජ පිල ගෝල දිනුම් 2 කින් උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර ශාන්ත ජෝෂප් පිල ගෝල දිනුමකින් උත්සාහක දිනුම් දෙකකින් දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.