ධර්මරාජ ආදි සිසුහු කළ ගුණ සලකති


 

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ එක්සත් රාජධානි ශාඛාව පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පිංකමක් කළේය.

එම පිංකමෙහි මූලික අරමුණ වුයේ ධර්මරාජ විද්‍යාලයේ සේවය කොට මිය පරළොව යන්නට යෙදුණු සියලුම ගුරු භවතුන්ටත් ආදී ශිෂ්‍යයන්ටත් පිංපෙත් පැමිණවීමය. කළක් ධර්මරාජ විද්‍යාල ගුරු මණ්ඩළයේ සේවය කළ සහ  ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීල විමල නාහිමියන් තමන්වහන්සේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටීම ගැන ඉතාම සතුටට පත් වන බවත් මව් රටෙන් සැතපුම් දහස් ගණනක් දුරින් ජීවත් වුවද ආදී සිසුන් සැවොම එක්ව තම මුල් ගුරුවරුන් වෙනුවෙන් කෘත ගුණ දැක්වීම ඉතාම අගය කරණ බවත් පැවසුහ. 

ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති උපුල් ඒකනායක පැවසූවේ ධර්මරාජ මාතාව දුන් ගුරු හරුකම් නිසාවෙන් එහි ඉගෙනුම ලැබූ සිසුන් හට ලෝකයේ කුමන රටක ජීවත් උනත් දේශීය සිරිත් විරිත් සහ සංස්කෘතියට ආගමට දහමට ලැදි පිරිසක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පන්නරය නිරායාසයෙන්ම උරුමව ඇති බවයි.

තවද අප මව් බිමේ ඒකීය භාවය වෙනුවෙන් පසුගිය යුධ සමයේදී ආදී ධර්මරාජයන් බොහෝ පිරිසක් දිවි පිදූ අතර ඔවුන් සියළුම දෙනාටත් මෙම පිංකමෙන් පුණ්‍යානුමොදනා කරවන බවත් හෙතෙම පැවසීය. පිංකම සාර්ථක කර ගැනීමට සහාය දුන් සියළුම ආදී ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටහටද විශේෂ ස්තුති කළ ඔහු මෙම පිංකම වසරක් පාසා දිගටම කරගෙන යාමට අදහස් කරන බවද පැවසීය.

02-(5) 06-(3) 04-(4) 03-(4) 02-(5) 05-(4)