ධර්මපාල කටුගේ බලන්න එන්න


මෙයට වසර දෙකහාමාරකට පෙර කෞතුකාගාරයක් වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කළද  ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසූ වික්ටරි හවුස් නිවස නැරඹීමට  පිරිස නොපැමිනිම හේතුවෙන් එය හුදකලා තත්වයට  පත්ව තිබේ

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාල පරිශ්‍රයේ   ඇති මෙම ගොඩනැගිල්ල ධර්මපාලතුමා විසින් ආනන්ද බාලිකා විද්‍යාලය ආරම්භ කිරිමට එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවු පී ද එස් කුලරත්න මහතාට උපදෙස් දීමෙන් අනතුරුව එතුමා ඉන්දියාවට ගොස් ඇති අතර මෙම වික්ටර් හවස් නිවහන බාලිකාවේ පරිහරණයෙන් අනතුරුව ශිෂ්‍ය නේවාසිකාගාරය වශයෙන් පරිහරණයට ගෙන තිබේ

වර්තමානයේ විද්‍යාලයේ ආදිශිෂ්‍ය  සංගමය සහ පාසල් සංවර්ධන සමිතියේ එකමුතුවෙන් විද්‍යාලයේ අසූපස්වැනි සංවත්සරය සැමරුම් දින මෙය කෞතුකාගාරයක් ලෙස ප්‍රතිසංස්කරණයකොට  විවෘත කෙරිණි

ධර්මපාලතුමා පරිහරණය කළ පොත් පත් ගෘහ උපකරණ සහ එතුමාගේ ජීවිතයේ ඉතා දුලභ සටහන් සහ තොරතුරු මෙහි දී නොමිලයේ  දැක බලා ගැනිමට තබා  ඇත

හිටපු විදුහල්පතිනි මාලනි හේරත් මහත්මියගේ සංකල්පයක් මත ඉදි කෙරුණ මෙය වර්තමානයේ වැඩබලන විදුහල්පතිනි ජී . ජේ . එල්  සෙනවිරත්න නියෝජ්‍ය විදුහල්පති  චින්තා කාන්ති සහ සහකාර විදුහල්පති එච් මාධවී යන ගුරු මහත්මීන්ගේ  ප්‍රධානත්වයෙන් පවත්වගෙන යති.

ආනන්ද විදයාලයේ එවකට සිටි විදුහල්පති පි ද එස් කුලරත්න මහතා

 

වැඩබලන විදුහල්පතිනි ජී . ජේ . එල්  සෙනවිරත්න මහත්මිය

නියෝජ්‍ය විදුහල්පති  චින්තා කාන්ති මහත්මිය

සහකාර විදුහල්පති එච් මාධවී මහත්මිය