අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලින් වැනසුණු නිවාස හා වෙළෙඳසල් යුද නාවික හා ගුවන් හමුදාවේ 780ක බළඇණියකින් අලුත්වැඩියා කිරීම අද ඇරැඹිණි.
පළමුව හානියට පත් නිවාස පිළිසකර කැරේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මේජර් ජනරාල් උභය මැදවල මහතා ප්‍රතිසංස්කරණ කටයුතු භාරව සිටී. මාසයකින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය. බේරුවල ප්‍රාදේශීය සභාව ද දායකත්වය සලසන බව එහි සභාපති කුස්මන් සිල්වා මහතා කියයි.

