ධර්ගා නගරයට අදත් කඳුළු ගෑස්


පොලිස් ඇඳිරිනීතිය නොතකා පාරවල් අයිනේ රැඳී සිටි අය ඉවත් කිරීම සඳහා පොලිසිය ධර්ගා නගරයේ දී අද සවස කඳුළු ගෑස් ගැසුවේය.

ඇමැති ආරක්ෂක අංශයේ ජිප් රියකට ද ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

ධර්ගා නගරයේ බොහෝ පාරවල් පාළුවට ගොස් තිබූ අතර ඇතැම් පාරවල්වල ලී කොට දමා තිබිණි.

එළුවෝ ද පාරේ ලැග සිටියහ.

වෙඩි උණ්ඩ වැදුණු ලකුණු ඇතැම් ගොඩනැගිලිවල දක්නට ඇත.