ධම්මාලෝක හිමිගෙන් ඇප අයැදුමක්


බලපත්‍රයක් නොමැතිව අලි පැටියකු තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උඩුවේ ධම්මාලෝක හිමියනට ඇප ඉල්ලීමේ අයදුම්පතක් ඒ හිමියන්ගේ නීතීඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ඉදිරිපත් කළහ.

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාගමයට නාඳුනන පුද්ගලයකු විසින් ගෙනත් දැමූ බව කියන අලි පැටවකු හදා වඩා ගත්තැයි ඒ හිමියෝ මෑතදෑ මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ.

  අලි රොෂාන්ගෙන් එම අලි පැටියා ගත් බව ඒ හිමියන් කීවේයැයි රහස් පොලිසිය අධිකරණයට කීවේය.

අපවත්වී වදාළ ගලගම අත්තදස්සී අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන්ගේ ආදාහනයට වැඩම කිරීමට ඒ හිමියන්ගේ නීතීඥවරු උසාවියේ අවසරය ඉල්ලා සිටියහ.

බන්ධනාගාර කොමසාරිස්ගෙන් ඒ අවසරය ලබා ගන්නැයි අධිකරණය දැනුම් දුන්නේය.

මෙම අයැදුම හෙට සලකා බැලීමට නියමිතය.