ධම්මාලෝක හිමි සොයන්න රහස් පොලිසිය යයි


නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමියන් අද (09) අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රහස් පොලිස් ආරංචි කියයි.

ඒ හිමියන් සොයා විමර්ශන කණ්ඩායමක් ගිය බව රහස් පොලිස් ආරංචි සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මේ ගැන තමාට වාර්තා වී නැති බවයි.