දකුණු ඉන්දීය සිනමාවේ නළුවෙකු වන ධනුෂ් සම්බන්ධයෙන් පෙත්සමක් උසාවියට ඉදිරිපත් වීමත් සමග ලෝකයම අවධානය ධනුෂ් වෙත යොමුවී තිබෙනවා. ඒ කතිරන්සන් සහ මීනක්ෂි නම් යුවළක් උසාවිය වෙත පෙත්සමත් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ධනුෂ් තමන්ගේ පුත්‍රයා බවයි. ඔහු කුඩා කල තමන් අත්හැර ගිය බවත්, තම දෙපළට මේ වනවිට ජීවත් වීමට නොහැකිව අසරණව ඇති බවයි.
එම හේතුවෙන් මසකට 65,000ක මුදලක් ජීවත් වීම වෙනුවෙන් ලබා දෙන ලෙස මෙම පෙත්සමේ සඳහන් කර ඇත්තේ. මේ කාරණාව පිළිබඳ ධනුෂ් විසින් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, ලබන වසරේ ජනවාරි 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ධනුෂ් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.