ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක්‍රීයාකාරී අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ධනුෂ්ක රාමනායක මහාතා පත් කර ඇත.
ඔහු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පත්වීම් ලැබීය.
ව්‍යාපාර කළමනාකරණ පිළිබඳව එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා ධාරියෙකි.
2010 වසරේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස ද, 2013 වසරේ සිට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස ද ධනුෂ්ක කටයුතු කළේය.
ජනපතිවරණ සමයේ සිරිසේන මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කළේ ඔහුය.
කොළඹ ඉසිපතන විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු එහි ප්‍රධාන ශිෂ්‍ය නායකා ද විය.
ජාත්‍යන්තර ලියෝ සමාජයේ 2012/2013 ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ලෙස ද, 2012/2014 වසරවල ලියෝ ජාත්‍යන්තර උපදේශක කමිටුවේ ආසියා සාමාජිකයා වශයෙන්ද ධනුෂ්ක කටයුතු කළේය.

