ධනුනට එරෙහි චෝදනා ඉවතට?


යුද හමුදාවට උපකරණ මිලදී ගැනීමේදී විදෙස් සමාගමක නමින් ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කර වංචාවක් කළැයි චෝදනා ලැබ සිටින ධනූන තිලකරත්නට එරෙහි චෝදනා පත්‍රය ඉවත් කර ගන්නවාද නැද්ද යන්න ගැන නීතිපතිගේ තීරණය ලබන 15 වැනිදා ඉදිරිපත් කරන බව රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මහත්මිය අද (6) කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මියට දැනුම් දුන්නාය.