පසුගියදා පැවති නළුනිළි ක්‍රිකට් තරගයක් සඳහා ජනප්‍රිය යොවුන් නිළි දෙපොළක් වන ධනංජි තාරුකා හා රුක්ෂානා දිසානායක දෙදෙනා එක් වූ බව සඳහන්. මෙම තරගය සඳහා තවත් නළුනිළියන් මෙන්ම කලා කටයුතු වලට විවිධ අයුරින් සම්බන්ධ බොහෝ පිරිසක් එක්වූ බවද වාර්තා වෙනවා. මේ ඒ පිළිබඳව ධනංජි තාරුකා "සාරවිට" අපිට මෙසේ අදහස් දක්වා සිටියා.
"මේ ක්‍රිකට් තරගය පැවැත්වුණේ දංකොටුවෙ. කලා ක්ෂේත්‍රයේ මා සමගින් වැඩ කරන සහෝදර නළුනිළියන් මෙන්ම විවිධ අංශවලින් කලා කටයුතුවලට දායක වෙන පිරිස් සමග තමයි මේ සුහද ක්‍රිකට් තරගය පැවැත්වුණේ. මීට කලින් මම කලා තරු සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිලා තියෙනවා. නමුත්, මේක මට අලුත්ම අත්දැකීමක්. මට හිතවත්ම යාළුවෝ බොහෝදෙනෙකු මෙම තරගයට සහභාගි වෙලා හිටිය නිසා. "