දෝෂාභියෝග පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි


ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, චන්ද්‍රගුප්ත තේනුවර, මහින්ද ජයසිංහ හා ජනක අධිකාරී යන පෙත්සම් කරුවන් විසින් ගොනු කැරුණු පෙත්සම් හතර පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නැයි නීතිපෙති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය.

නිමල් ගාමිණී අමරතුංග, පී ඒ රත්නායක හා ඊවා වනසුන්දර විනිසුරුවරුන් හමුවේ ඔහු එසේ කරුණු දැක්වීය.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී තිබුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් ශිරාණි බන්ඩාරනායක අග විනිසුරු පදවියෙන් නෙරපා හැරීමට කලිනි.

මෙම පෙත්සම් හතර පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගත යුතු ද නැද්ද යන්න තීරණයක් ගැනීමට අග විනිසුරු මොහාන් පීරිස් මහතාට යොමු කිරීමට ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය නියෝග කළේය.